ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
අද(15) මාධ්‍ය හමුවක් පවත්වමින් ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළ අතර විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු 29 ක් මගින් තම පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කරමින් සිටින බවත් එය පළමුව මහජන සංවාදය සදහා එය ඉදිරිපත් කරන බවත් මහාචාර්යවරයා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අගෝස්තු 11 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කිරීමට නියමිත බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පසුගියදා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබිණි.
(උපුටා ගැනීම – අද දෙරණ)
Image – Wikipedia