පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයට ද වැඩි අවස්ථාවක් දෙන බව කී ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායකවරු කඩිනමින් පත් කරන බව ද සඳහන් කළේය.

දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායන් පත්කිරීමේදී ද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *