ජනාධිපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වුනු රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන අති අතර, උපාධිදාරීන් පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වීමට සූදානම් විය. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් නොමැති බව කොටුව පොලිසිය එම පිරිසට දැනුම් දුන් නමුත්, එහිදී උද්ඝෝෂකයින් හා පොලිසිය අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.
කෙසේ නමුත් උද්ඝෝෂකයින්ට ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවකට එක් වීමට අවස්ථාවක් නොලැබුණ අතර ඉදිරි දිනයකදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන බව එහිදී ප්රකාශ වීමත් සමග උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස විසිර ගොස් ඇත.