පොලිසියට පාට් දාන්න ආ ‘ආවා‘ සාමාජිකයෙක් මරුට

යාපනයේ, මනිපායිහිදී පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කළ ‘ආවා’ කල්ලියේ සාමාජිකයින් හා පොලිසිය අතර ගැටුමකදී ආවා කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි පහරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ගැටුම අතරතුර ආවා සාමාජිකයින් අත්හැර දමා ගොස් තිබූ කඩු තුනක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියෙන් පසු අපරාධ කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙකු පලා ගොස් ඇතැයිද පොලිස් ආරංචි වාර්තා කරයි.

(Image – The Colombo Post)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *