පොල් මිල සීමාවන් නොතැකූ වෙළඳුන් 56කට නීතිමය ක්‍රියාමාර්ග ගැනේ

දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී නියමිත වට ප්‍රමාණයට අදාල මිල ගණන් වලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව අද (28) දිනයේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙම වැටලීම් කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණැගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය , බදුල්ල, මොනරාගල, සහ මාතලේ යන දිස්ත්‍රික්කවලදී අද දිනයේ සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *