පොම්පියෝ අද දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය අතරතුර දී මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡා වලදී දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවධානය යොමු කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ මයික් පොම්පෙයෝ මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *