ජයසුන්දර

පී.බී. ජයසුන්දරලා තියාගෙන රට ගොඩගන්න බෑ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ කීහ.

එම නිසා වහාම ඒ මහතා තනතුරෙන් ඉවත් නොකළහොත් ජනාධිපතිවරයා පතන ස‌ෞභාග්‍යයේ දැක්ම ළගා කරගත නොහැකි බවද ආනන්ද හිමියෝ කීහ.

ජයසුන්දර මහතා හට රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බවට නඩු තීන්දුවක් ඇති බවද කී උන්වහන්සේ ජයසුන්දර මහතා වැනි ඇය අඩුපාඩු පෙන්වා නොදෙන පුද්ගලයකු බවද පෙන්වා දුන්හ.

මීට අමතරව කොරෝනා වසංගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන් වැඩ කරන නිලධාරීන් කොන්කොට ඇති බවද කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *