පිලිපීනයේ “ටාල්” ගිනි කන්ද සක්‍රියවේ

පිලිපීනයේ, මැනිලා අගනුවරට කිලෝමීටර් 60ක් පමණ දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ “ටාල්” ගිනි කන්ද සක්‍රිය වී ඇති බවට මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිකදු සහ භුකම්පන පිලිබද වු පීලිපින ආයතනය සදහන් කළේ ගිනි කන්ද සක්‍රිය වීමෙන් එයින් නැගුණු වාෂ්ප, අළු සහ ගල්කැට සැතපුම් 6 ත් 9 ත් දක්වා පමණ වූ ඉහල අහසට විහිදි ගොස් ඇති බවයි. මෙම හදිසි තත්වය හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිව නතර කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙම ගිනි කන්ද සක්‍රිය විම නිසා ඒ අවට ජිවත්වු වැසියන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යැවිමට එරට බලධාරින් කටයුතු ආරම්භ කර තිබෙනවා.

තාල් ගිනිකන්ද පිලිපීනයේ සක්‍රියබවින් වැඩිම දෙවන ගිනිකන් ද ලෙසට වාර්තා වන අතර පසුගිය නොවැම්බර් 11 උදෑසන සිට නොවැම්බර් 12 උදෑසන දක්වා ගිනිකඳු භූමිකම්පා 57 ක් නිරීක්ෂණය වී ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *