අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයකු වන කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවි ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හීදියි. 41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුර සිදුවන විට එම යානයේ 13 හැවිරිදි ඔහුගේ දියණිය, බේස් බෝල් පුහුණුකරුවකු වන ජෝන් අල්ටොබෙලි ඇතුලු පිරිසක් යානයේ සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පස් වතාවක් එන්.බී.ඒ ශූරයකු වන බ්‍රයන්ට් පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.