‘පැරදිලා ලිස්ට් එකෙන් ආපු අයට ඇමැතිධූර දීම වැරදියි’ – ගෙවිදු කුමාරතුංඟ

Share this Article

ඉකුත් මහමැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර හිමිකරගත් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම අනුමත කළ නොහැකි බව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව පැවසීය.

“ජාතික ලැයිස්තුව සොරාගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කළ අයට මන්ත්‍රිධුර දුන්නා. ඔවුන්ට රාජ්‍ය ඇමතිධුර ලබාදීම වැරදියි“

යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක අනූප පැස්කුවල් මහතා කියා සිටියේ අනවශ්‍ය ආගමික ගැටුමක් ඇතිකරන්න විවිධ පාර්ශ්ව කටයුතු කිරීමට පුළුවන් බවයි. අලුත්ගම සිදුවීම වැනිදේ ඇතිකිරීමේ වුවමනාවක් ඇතැමුනට ඇති බැවින් ජනතාව අවධියෙන් සිටිය යුතු බවද ඔහු කියා සිටියේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.