පැය 24කට වඩා උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පතන්න-ඩෙංගු මර්දන ඒකකය

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඩෙංගු උග්‍ර තර්ජනයක් මතුව ඇති බැවින් පැය 24කට වැඩි කාලයක් උණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.

දෙසැම්බර් මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8,842ක් වාර්තා වී ඇති අතර නොවැම්බර් මාසයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 4,561කි.

මෙමගින් 2021 වසරේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 35,800 දක්වා ගෙන එයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එය ඩෙංගු ද නැද්ද යන්න සොයා බැලීම සඳහා කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

දින තුනක් උණ ඇත්නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අපි මීට පෙර ජනතාවට උපදෙස් දී තිබුණා. කෙසේ වෙතත්, ඩෙංගු දැවැන්ත තර්ජනයක් වී ඇති හෙයින්, රට තුළ දැවැන්ත ඩෙංගු ව්‍යාප්තියකට මුහුණ දීමට අවශ්‍ය බැවින්, ඒ අනුව අප ජනතාවට උපදෙස් දිය යුතු බව ඔහු අවධාරණය කළේය.

“ඉදිරි මාස දෙකේදී ද ඩෙංගු රෝගීන් තවත් වැඩි වනු ඇත,” ඔහු අවධාරනය කළේය.

එබැවින් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 15 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

“වැඩසටහන ජනවාරි 04 සිට 10 දක්වා එම දිස්ත්‍රික්කවල MOH ප්‍රදේශ 81 ක ආරම්භ වේ. අභිජනන ස්ථාන හඳුනා ගැනීම, ඒවා විනාශ කිරීම සහ අනතුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *