LK reports news sinhala

පාස්කු ප්‍රහාරයෙන් පසු හැමෝම ඉල්ලූ දෙය අන්තිමට ජනපති දුන් හැටි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර ඇත.

ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන අය එම පංච පුද්ගල කොමිසමට පත්කරනු ලැබ ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති කොමිසමක් පත්කර ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි අගරදගුරුතුමන් ඇතුළු බොහෝ පිරිසක් මීට පෙර ඉල්ලා තිබිණි.

Leave a Reply

Your email address will not be published.