පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය කරල් අලෙවි කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට…

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය කරල් අලෙවි කළ බදුල්ල මහ රෝහලේ සේවය කරන 44 හැවිරිදි වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව පස්සර කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් බදුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක නැගී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු බලපත්‍රයක් නොමැතිව වෛද්‍යවරයා සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිශ්‍ර කරල් 145ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු බදුල්ල පොලිසියට භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *