පොළොන්නරුව, ලංකාපුර ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් හතර දෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඊයේ (17) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මනම්පිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහු ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය. මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ පුලස්තිපුර පොලිස් වසමේ පාසලක විදුහල්පතිවරයෙකු වන චන්දන කරුණාතිලක නම් 47 හැවිරිදි විවාහක තිදරු පියෙකු වන අතර පොළොන්නරුව වැවේතැන්න ප්රදේශයේ පදිංචි අයෙකි.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුව පුලස්තිපුර පොලිසියට දැනුම් දිමෙන් පසු විමර්ශන කිරීමෙන් පසු පොලීසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.