ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් දයාසිරි ජයසේකර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ශ්‍රීලනිප මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට චෝදනා එල්ල වී ඇති බව අද දෙරණ වාර්තා කරයි.
කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයකදී ඡායාරූප ශිල්පියාට පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට පොලිස් පැමිණිල්ලේ චෝදනා එල්ල වී තිබෙනවා.