පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට (21) ප්‍රකාශයට පත් කෙරේ

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට (21) දින ප්‍රකාශයට පත් කෙරේ. මෙම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විත වන අතර එහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

මෙම තේරීම් කාරක සභාව චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *