පාර්ලිමේන්තුව හෙට විසුරුවා හැරේ – ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේදී

Share this Article

පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිත බවත් ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අත්සන් තැබීමෙන් පසු එය හෙට මධ්‍යම රාති‍්‍රියේදී නිකුත් කිරීමට නියමිත බවටත් වාර්තා වෙනවා. මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබේ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අද මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 10 ක් තුළ මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවිය යුතු වනවා. මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනෙන්නේ එතැන් සිට දින 17 ක් ඇතුළතයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතු වනවා. මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 24 වනදාත් මැයි මස 04 වනදාත් අතර දිනක පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.