Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හමුවෙයි.

පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හමුවෙයි.

ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් පිරිසක් අද රෝමයේ වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවිය.

වින්දිතයින්ට යුක්තිය ඉල්ලා යාච්ඤා කිරීම සඳහා වතිකානුවේ පැවති ශුද්ධෝත්තම දේව මෙහෙයකින් පසු අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මාරාන්තික ප්‍රහාරවලින් විපතට පත්වූවන් හමුවිය.

වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යාච්ඥා කිරීම සඳහා ද මෙම ශුද්ධ පූජාව පැවැත්විණි.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අද පැවැත්වුනු ශුද්ධ වූ දේව මෙහෙය පැවැත්විණි.

2019 පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් ඇතුළු 60 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ අගරදගුරුතුමා සිකුරාදා වතිකානුව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී මොහොතේ ප්‍රජාව සමඟ සිය සහයෝගීතාවය ප්‍රකාශ කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයකට අනුව මෙම කණ්ඩායම වතිකානුව බලා පිටත්ව ගියේය.

2019 වසරේ 269 දෙනෙකුට මරු කැඳවූ සහ 500කට අධික පිරිසකට තුවාල සිදු කළ පාස්කු ඉරිදා ප්‍රහාරයේ 3 වැනි සංවත්සරය අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාව සැමරීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *