Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි

පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි

හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් සහ සුඛෝපභෝගී මෝටර් රථ අත්හිටුවීමට (Freeze කිරීමට) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පියවර ගෙන තිබේ.

දැනට ක්‍රියාත්මක කෙරෙන පුළුල් විමර්ශනයකට අදාළව, 2025 අංක 5 දරන ‘අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනතේ’ (Proceeds of Crime Act) විධිවිධාන ප්‍රකාරව මෙම නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රඛිත රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ මූල්‍ය චෝදනාවලට අදාළ විමර්ශනවල එක් අදියරක් ලෙස මෙම දේපළ සහ ගිණුම් තහනම් කළ බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේය.

කෝටි 12ක අල්ලස් චෝදනාව

බන්ධනාගාරගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකුට නීතිමය හා පරිපාලනමය සහන සලසාදීම වෙනුවෙන්, එම අපරාධකරුගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120ක (රුපියල් කෝටි 12ක) දැවැන්ත මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට මෙම විමර්ශනය මඟින් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත.

මෙම අල්ලස් සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් මඟින් කරුණු වාර්තා කර තිබිණි.

අදාළ නඩුවේ පළමු සැකකරු ලෙස රඛිත රාජපක්ෂ නම් කර ඇති අතර, චරිත අබේසිංහ සහ වරුණ හන්දිගේ අරුණ චතුරංග යන අය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි සැකකරුවන් ලෙස නම් කර ඇත. මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන් තිදෙනාම පසුව අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.

නාවල නිවසට ගොස් භාරදුන් නිල නියෝගය

මේ අතර, අදාළ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන තහනම් කිරීමට අදාළ නිල අධිකරණ සහ පරිපාලන නියෝගය භාරදීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) නාවල ප්‍රදේශයේ පිහිටි රඛිත රාජපක්ෂ මහතාගේ නිවස වෙත ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *