LK reports news sinhala

පාකිස්තාන පුහුණුකාරීත්වය මිස්බාට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මිස්බා උල් හක් පත්කරනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු තේරීම් කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරයි.

පාකිස්තානය බිහිකළ දක්ෂතම ටෙස්ට් නායකයකු ලෙස මිස්බා උල් හක් හැඳින්විය හැකි අතර ඔහු 2017 වසරේදී ටෙස්ට් පිටියට සමුදුන්නේය. මේ වනවිට 45වැනි වියේ පසුවන අතර අවසන් වරට එක්දින තරගයකට සහභාගී වූයේ 2015 වසරේදීය.

පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන වකාර් යුනිස් සමග එක්ව මිස්බා උල්හක් ඉදිරියේදී පාකිස්තාන ක්‍රිකට් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් කටයුුතු යොදා ඇතැයි වාර්තා වේ.

(Image – Newsone)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *