LK reports news sinhala

ත්‍රස්තයන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි

පාස්කු  දින එල්ල වු මුස්ලිම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින්  අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුගේ බැංකු ගිණුම් 100 ක්  අත්හිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම ගිණුම්වල  රුපියල් මිලියන 134 ක  අධික මුදලක්  තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම  සතුව තිබු  රුපියල්  මිලියන 20 ක ට අධික මුදලක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද වාර්තා වේ.

මෙම ත්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු  බිලියන 7 ක වත්කම්   සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අක්‍රිය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කරමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *