ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුව ලබන මස 09 තෙක් කල්යයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධව ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන මස 09 වැනිදා යළි කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) නියෝග කරන ලදී.

2010 වර්ෂයේ ජනවාරි මස 25 දා හෝ ඊට ආසන්න කාල සීමාවකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ, හබරණ සහ කොට්ටාව ප්‍රදේශයන්හිදී විත්තිකරුවන් විසින් රහසිගතව සිර කර තබාගැනීමේ අදහසින් පැහැර ගෙන ගොස් ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published.