ප්‍රවීණ නිරූපණ ශිල්පිනිය සහ රංගන ශිල්පිනිය චූල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ දිවි ගමනින් සමුගනී

ප්‍රවීණ ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන චූල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ මහත්මිය වයස අවුරුදු 46ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

වාර්තා වන පරිදි, ඇය නිවසේ සිටියදී හදිසියේ අසනීප වී ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඇය අභාවප්‍රාප්ත වී ඇත.

රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, “වැහෙන්න මුතු වැස්සක්” ටෙලිනාට්‍යයේ රංගනය හරහා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්විය.

පසුව ඇය විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අතර, එම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

මෑතක් වන තුරුම කලා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව සිටි ඇය, නිරූපණ සහ රූ රැජින තරග ආශ්‍රිත වැඩසටහන් සඳහාද සහභාගී වී තිබේ.

ඇය මියයෑමට පෙර දිනය වූ ඉරිදා දින පවා රූ රැජින තරගයකට සහභාගී වී සිටි බව වාර්තා වන අතර, ඇයගේ හදිසි වියෝව නිරූපණ සහ රූ රැජින ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙකු දැඩි කම්පනයට පත් කර තිබේ.

ඇයගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *