Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ප්‍රධාන ගංගා සාමාන්‍ය මට්ටමේ පවතී: වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ප්‍රධාන ගංගා සාමාන්‍ය මට්ටමේ පවතී: වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වැසි තත්ත්වය හමුවේ දිවයින පුරා ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් සාමාන්‍ය මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, මගුර ප්‍රදේශයෙන් මගුරු ගඟ සහ මිල්ලකන්දෙන් කුඩා ගඟ අනතුරු ඇඟවීමේ මට්ටමට පැමිණ ඇති අතර කුඩාගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.

ඊයේ පෙරවරු 6.00 න් අවසන් වූ පැය 21 තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. වැඩිම වර්ෂාපතනය සීතාවක ගංගා ද්‍රෝණියේ දැරණියගල ප්‍රදේශයෙන් මිලිමීටර් 73.8 ක් ද, කළුගඟ ද්‍රෝණියේ ඇල්ලගාවෙන් මිලිමීටර් 69.3 ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.

මේ අතර, කැලණි ගංගා ද්‍රෝණියේ ග්ලෙන්කෝස් සහ කිතුල්ගල යන ප්‍රදේශවලින් පිළිවෙලින් මිලිමීටර් 42.7ක් සහ මිලිමීටර් 36.9ක වර්ෂාපතනයක් වාර්තා විය.

වර්ෂාපතනය පැවතියද කැලණි, කළු, ගිං, නිල්වලා, මහවැලි සහ අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය සීමාවන් තුළ පවතින බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *