පළාත් දෙකක කණිෂ්ඨ කාර්යය මණ්ඩල අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

උතුරු සහ උතුරුමැද පළාත්වල රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු යටත් ශ්‍රේණිවල රෝහල් කාර්ය මණ්ඩල සේවකයින් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයත් තනතුරු 40 කට ආසන්න ප්‍රමාණයක රාජකාරී ආවරණය කිරීම සදහා බහුකාර්ය සංවර්ධන බලකා සාමාජිකයින් අනියුක්ත කිරීමට විරෝධය පළ කරමිනි.

බලධාරීන් සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් දිවයිනපුරා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *