Skip to content

නිරෝධායන රීති කැඩූ 1,356ක් අත්අඩංගුවට

මෙම සංඛ්‍යාව දැක්වෙන්නේ නිරෝධනයන රීති ක්‍රියාත්මක වූ පසුගිය වසරේ මාර්තු සිට එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ලෙසය.

ඊයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛයාව 146කි.

මහනුවරින් 134ක් සහ කුලියාපිටියෙන් 116ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 33,949 ක් නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පළාත් සංචරණ සීමා උල්ලංඝකය කරමින් ගමන් කිරීමට පැමිණි 56 දෙනෙකු ද ඊයේ දිනයේදී ආපසු හරවා යවා තිබේ.

අද දිනයේත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

රාත්‍රී කාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති සාද සම්බන්ධයෙන් විශේෂ වැටලීම් සිදු කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවද  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com