Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!

පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!
Background for a hot summer or heat wave, orange sky with with bright sun and thermometer

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 01) ඉරිදා දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ (Amber) මට්ටමේ උණුසුම් කාලගුණ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් ‘උෂ්ණත්ව දර්ශකය’ (Heat Index) උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ යන පළාත්වල මෙන්ම මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

පසුගිය සෙනසුරාදා (31) පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද (නොවැම්බර් 01) දවස පුරා වලංගු වන අතර, විශේෂයෙන්ම දිවා කාලයේදී මෙම දැඩි උණුසුම් තත්ත්වය අත්විඳීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා ඇත.

මහජනතාවට සෞඛ්‍ය උපදෙස්
අධික උණුසුම පවතින මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දීර්ඝ වේලාවක් දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, ඒ වෙනුවෙන් පහත සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ:

  • විජලනය වළක්වා ගැනීම සඳහා නිතර ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම.
  • සෙවණ ඇති ස්ථානවල නිතර විවේක ගැනීම.
  • දහවල් කාලයේ පවතින උපරිම උණුසුම් හෝරාවලදී එළිමහනේ සිදුකරන අධික වෙහෙසකර ශාරීරික ක්‍රියාකාරකම් සීමා කිරීම.

වායුගෝලයේ පවතින උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය (Relative humidity) එකිනෙක ඒකාබද්ධ වීමෙන් මිනිස් සිරුරට සැබවින්ම කොතරම් උණුසුමක් දැනෙන්නේද යන්න මෙම ‘උෂ්ණත්ව දර්ශකය’ (Heat Index) මඟින් මනිනු ලබයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *