බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (අප්‍රේල් 9) පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.
මේ අතර, සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම හේතුවෙන් අප්‍රේල් 5 සිට 15 දක්වා කාලය තුළ එය ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට සෘජුවම ඉහළින් පවතී.


