Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

“පවුල තුළ යුක්තිය” වෙනුවෙන් පවුල් නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නැයි කාන්තා සංවිධාන ඉල්ලයි

“පවුල තුළ යුක්තිය” වෙනුවෙන් පවුල් නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නැයි කාන්තා සංවිධාන ඉල්ලයි

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති පවුල් නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස කාන්තා අයිතිවාසිකම් සංවිධාන දෙකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ කවයෙන් ඉල්ලා තිබේ.

විශේෂයෙන් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති මෙන්ම ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ නීති සංශෝධනය කිරීමට අදාළ යෝජිත පනත් කෙටුම්පත් ඉදිරියට ගෙන ඒම සඳහා මැදිහත් වන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මත පදනම් වූ පවුල් නීතිය සහ නීතිමය භාවිතයන් වෙනුවෙන් පෙනී සිටින KELEER සංසදය සහ Muslim Women’s Research and Action Forum (MWRAF) නියෝජිතයන් සැප්තැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරියන්ගේ කවයේ සාමාජිකයන් හමුවී මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.

කාන්තාවන්ට යුක්තිය ලබාගැනීමට ඇති ප්‍රවේශය, ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාව, පවුල් නීතිය යටතේ හිමිකම් සහ ආර්ථික සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබේ.

මෙම නියෝජිත පිරිසට දිස්ත්‍රික්ක 10කින් නීතිඥවරුන්, ක්‍රියාකාරීන්, පර්යේෂකයන් සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන් ඇතුළු 20 දෙනෙකු එක්ව සිටියහ.

පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ගත යුතු බවට සංවිධාන දෙක විසින් යෝජිත නීති කෙටුම්පත් හතරක් හඳුන්වා දී තිබේ. ඒවා වන්නේ Matrimonial Causes Bill, General Marriage Ordinance Amendment Bill, Muslim Marriage and Divorce Act Amendment Bill සහ Prevention of Domestic Violence Amendment Bill ය.

දැනට පවතින පවුල් නීතිවල පවතින හිඩැස් හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් තවදුරටත් බලපෑමට ලක්වන බව කාන්තා මන්ත්‍රීවරියන්ගේ කවයේ සාමාජිකයන් පිළිගත් බවද සංවිධාන දෙක සඳහන් කරයි.

කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන වර්තමාන තත්ත්වයන්ට වඩා හොඳින් ප්‍රතිචාර දැක්විය හැකි නවීන නීති රාමුවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවටද එහි සාමාජිකයන් එකඟ වී ඇති බව ඔවුහු පැවසූහ.

සාකච්ඡාවෙන් අනතුරුව කාන්තා මන්ත්‍රීවරියන්ගේ කවය ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවද සංවිධාන සඳහන් කළේය.

ඒ අනුව, යෝජිත පනත් හතරේ වර්තමාන තත්ත්වය සොයා බැලීමත්, ඒවා ප්‍රමාද වී ඇත්තේ කොතැනද සහ කුමන හේතු මතද යන්න හඳුනා ගැනීමත් සිදු කිරීමට කවය එකඟ වී තිබේ.

එමෙන්ම, පනත් ඉදිරියට ගෙන ගොස් අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර සහ මැදිහත්වීම් හඳුනා ගැනීමටත්, ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට බාධා වන කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානය යොමු කරමින් ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටත් කවය එකඟ වී ඇත.

කෙසේ වෙතත්, KELEER සහ MWRAF අවධාරණය කළේ එම පනත් හතර නිශ්චිත කාල රාමුවක් තුළ සම්මත කිරීමට කිසිදු පොරොන්දුවක් ලබා නොදුන් බවයි.

“සමානාත්මතාවය සහ යුක්තිය වෙනුවෙන් අපි වසර ගණනාවක් බලා සිටින නිසා පැහැදිලි කාල රාමුවක් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටියා” යනුවෙන් එම සංවිධාන සඳහන් කළේය.

පවුල් අධිකරණ පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා රාජ්‍ය සහාය ලබාදීම, කාන්තාවන් සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ වැටුප් රහිත සත්කාර කටයුතු පිළිගැනීම ඇතුළු පුළුල් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සංවිධාන දෙක ඉල්ලා තිබේ.

එළඹෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරී කාලය අතරතුර “Justice Within the Family” හෙවත් “පවුල තුළ යුක්තිය” යන සාමූහික ප්‍රතිඥාවක් කාන්තා මන්ත්‍රීවරියන්ගේ කවය විසින් ආරම්භ කළ යුතු බවටද ඔවුන් යෝජනා කර ඇත.

දැනට පවතින නීති සහ යුක්තිය ලබාදීමේ ක්‍රමවේදවල පවතින හිඩැස් හේතුවෙන් කාන්තාවන්ට දීර්ඝ කාලයක් පුරා නීතිමය ක්‍රියාමාර්ගවල නිරත වීමට සිදුවීම, ප්‍රමාණවත් නඩත්තු මුදල් ලබාගැනීමට නොහැකි වීම, දේපළ සහ ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමේ දුෂ්කරතා සහ ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබීම වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවද එම සංවිධාන පෙන්වා දී තිබේ.

“පවුල් නීතිය කාන්තාවන්ගේ සැබෑ ජීවන අත්දැකීම් පිළිබිඹු කළ යුතුයි. යුක්තියට පහසුවෙන්, කාලෝචිතව සහ අර්ථවත් ලෙස ප්‍රවේශ විය හැකි විය යුතුයි” යනුවෙන් සංවිධාන දෙක සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *