පරිසරයට හානිකර නම් කටුපොල් වගාව වහාම නවත්වන්න – ජනපති

කටුපොල් වගාවෙන් කෙතරම් ලාභයක් ලැබුණ ද ඉන් පරිසරයට හානියක් වන්නේ නම් වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඊයේ (27) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්නට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ පිළිබඳ පවසා ඇත.

ප්‍රදේශයේ පැණ නැඟී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇති බවත් කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබඳවත් ප්‍රෙද්ශවාසීන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ. රැස්වීමට සහභාගී වීමට යන මඟ දෙපස රැස්ව සිටි ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ විමසන අතරතුරදී ඔවුන් මෙම පැමිණිල්ල කර තිබේ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් සිදුකරන ලෙසත් කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *