පන්විල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවූ අනතුරක් පන්විල පොලිස් වසමෙන් වාර්තා වනවා.
මඩොල්කැලේ – උණනාගල මාර්ගයේ DGM වතු බංගලාව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. බස් රථයේ ගමන් කර ඇත්තේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 28 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු මඩොල්කැලේ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව තුවාල ලැබූවන්ගෙන් 8 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අනතුරට හේතුව බස් රථයේ අක්රියතාවක් බිඳ වැටීමක් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.