LK reports news sinhala

පන්දු යැවීමේ හා රැකීමේ දුර්වලතා නිසා ශ්‍රි ලංකාව පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබාගත් අතර ඊට කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 79ක් එක් කළේය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් ලබාගනිද්දී අවසාන පන්දුවාරයේ පන්දු 3ක් ඉතිරිව තිබියදී පිටියට පැමිණි ඉසුරු උදාන ලකුණු 15ක් ලබාගත්තේ පළමු පන්දු දෙකට දැවැන්ත හයේ පහර දෙකක්ද සමගිනි. පන්දු යැවීමේදී නවසිලන්ත නායක ටිම් සවුති කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

ජයග්‍රාහී ලකුණු 175ක ඉලක්කය පන්දුවාර 19.3කදී සපුරා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර රොස් ටේලර් පන්දු 29කදී ලබාගත් ලකුණු 48 ඊට මනා රුකුලක් විය. කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 44ක් ලබාගනිමින් ඊට මනා දායකත්වයක් ලබාදුන් අතර පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ලසිත් මාලිංග හා වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

තරගයේ වීරයා සම්මානය රොස් ටේලර්ට හිමිවිය. දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට(3) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *