නොසැළකිලිමත් පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව පරාජය අභියස

පාකිස්තානය හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 476ක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිහරඹය හේතුවෙන් අද දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 212ක් ලබා සිටී.
තනිවම සටනක නිරත ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් අතර ඔහු නොදැවී ලකුණු 102ක් ලබා සිටී. නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස් සිය අසාර්ථකත්වය යළිත් සනාථ කරමින් ලකුණු නොලබා දැවී ගියේය.

පළමු ඉනිමේදී පාකිස්තානයට වඩා ලකුණු 80ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව සාර්ථක වුවද දෙවැනි ඉනිමට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 555ක් ලබමින් පාකිස්තානය විශිෂ්ට පිතිහරඹයක නිරත වූයේ ඔවුන්ගේ පළමු පිතිකරුවන් සිව් දෙනාම ශතක ලබමිනි.
හෙට තරගයේ අවසන් දිනය වන අතර ශ්‍රී ලංකාවට කඩුලු 3ක් පමණක් අතැතිව ජයග්‍රහණය සදහා තවත් ලකුණු 264ක් ලබාගත යුතුය.

5 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *