සුළු හා මධ්‍ය පරිමාණ ණය කපයි

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබාදුන් ණය කපා හරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති හා අගමැති විසින් සියලු බැංකු සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරින්ට මේ බව නියෝග කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෑතකදී ප්‍රකාශයටපත් කළ බදු ප්‍රතිසංස්කරණයේ මුලාරම්භයක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇති අතර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් දිරිගැන්වීම සඳහා රජය විසින් නව වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සඳහා ද  සහන ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *