ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැලකිලිමත් පිතිහරඹය හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙසජය පැරදුමෙන් තොරව අවසන් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබාගත් අතර ඊට ධනංජය සිල්වාගේ අගනා ශතකයද ඇතුළත් විය. නවසීලන්තය අද(26) සිය පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 431ක් ලබා සිටියදී අත්හිටවූ අතර ඉනිමක පරාජයකින් ගැලවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක් ලබාගැනීමට සිදුවිය. නමුත් අද සවස් භාගය වනවිට ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 122ක් පමණි. ආබාධයන්ට ලක්ව සිටි නායක දිමුත් කරුණාරත්න හා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමේ සටනක නිරත වුවද අනෙක් කිසිදු පිතිකරුවකුගෙන් ඊට සහායක් නොලැබිණි. ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, අජාස් පටෙල් හා සමර්විලී අතර කඩුලු 2බැගින් බෙදී ගිය අතර තරගයේ වීරයා සම්මානය ටොම් ලෙතම්ට හිමිවිය.
(Image – Cricinfo)