නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

දික්ඔය මුලික රෝහලේ දී අද දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ඒ බව තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරයි.

මන්ත්‍රීවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මුලික රෝහලෙන් බැහැරව ගිය බව ද වාර්තා වේ.

මන්ත්‍රීවරයාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමුකිරීම සඳහා තලවකැලේ මඩකුඹුර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් වෙත උපදෙස් ලබාදුන් බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published.