නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 6ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6 දෙනෙකු යාපනය නගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන්, නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මෙම මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිට තිබේ.

මෙහිදී මුහුදු කූඩැල්ලන් 939ක්, ඩිංගි යාත්‍රා 2ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 23ත් 37ත් අතර වයසේ පසුවන මන්නාරම හා යාපනය වැල්වැටිතුරයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ සමග සැකකරුවන්ව, ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *