Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්

නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්

කොළඹ වරාය නගරයේ (Port City Colombo) පැවැත්වෙන දෙදින ‘සෙන්ටර් මියුසික් ෆෙස්ටිවල්’ (Senter Music Festival) ජාත්‍යන්තර සංගීත සැණකෙළිය සඳහා මෙරටට පැමිණි ලෝක ප්‍රකට ප්‍රංශ ජාතික ඩීජේ (DJ) ශිල්පියෙකු සහ සංගීත නිෂ්පාදකයෙකු වන ‘DJ Snake’ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පෙරේදා (31) කොළඹදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවට එක්වෙමින් මෙරට සංගීත හා විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පිබිදීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ‘DJ Snake’ ඇතුළු ජාත්‍යන්තර සංගීත ශිල්පීන්ට සිය හෘදයාංගම ස්තූතිය පළ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, ඓතිහාසික සංස්කෘතික උරුමයන් සහ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ අසිරිය නිදහසේ විඳගැනීම සඳහා ඉදිරියේදී පෞද්ගලික නිවාඩුවක් ගතකිරීමට යළි මෙරටට පැමිණෙන ලෙසද අමාත්‍යවරයා ‘DJ Snake’ හට විශේෂ ආරාධනයක් සිදුකළේය.

සංගීත සංචාරක ව්‍යාපාරයට නව මාවතක්
ජාත්‍යන්තර මට්ටමේ සංගීත සැණකෙළි, දැවැන්ත ප්‍රසංග සහ විනෝදාස්වාද සංචාරක ව්‍යාපාරය (Entertainment Tourism) ඔස්සේ මෙරටට වැඩි වශයෙන් විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ ඇති විභවතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.

ජාත්‍යන්තර විනෝදාස්වාද ඉසව් සහ දැවැන්ත උත්සව සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට රජය කැපවී සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය. එසේම සංගීතය, විනෝදාස්වාදය සහ සංස්කෘතික ක්‍රියාකාරකම් හරහා මෙරට තරුණ පරපුරට නව අවස්ථා සහ ජාත්‍යන්තර මට්ටමේ ඉඩප්‍රස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙවැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර උත්සව මෙරටට ආකර්ෂණය කරගැනීම මඟින් සංචාරක පැමිණීම් ඉහළ නැංවීමටත්, ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීමටත්, රට තුළ නව ආර්ථික හා රැකියා අවස්ථා බිහිකිරීමටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇති බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *