Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නිල නොවන ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී

නිල නොවන ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී

ජනාධිපතිවරණයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිඵලය ඒ ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදීමෙන් පසුව ඒවා ෆේස් බුක් ඔස්සේ පළකිරීමට කටයුතු කළහොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එම සමාගමට මැතිවරණ කොමිසම දන්වා ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ලබා දෙන ප්‍රතිඵල ඡායාරූපගත කර ෆේස් බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවිවලට නොදමන ලෙසද එම කොමිසම ඉල්ලා සිටී.

මෙය රහස්‍ය ලියවිල්ලක් බැවින් එය සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කිරීම වැරදි කටයුත්තක් බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි. එමෙන්ම නිල නොවන ඡන්ද ප්‍රතිඵල විකාශය නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටී.

මාධ්‍ය උපමාන සහ ජනාධිපතිවරණ කාල සීමාව තුළ යහපත් මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාමට පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ලබන සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද මැතිවරණ කොමිසම පවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *