Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

නිරෝධායන රීතින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිස් නිළධාරීන් 22,000ක් පිරිසක් යෙදවීමට පියවර ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

නිරෝධායන රීතින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිස් නිළධාරීන් 22,000ක් පිරිසක් යෙදවීමට පියවර ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

කොරෝනා ව්‍යාප්තිය මැඬලීම උදෙසා රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ නිරෝධායන රීතින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිස් නිළධාරීන් 22,000ක් පිරිසක් යෙදවීමට පියවර ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අත්‍යවශ්‍යසේවා අඛණ්ඩව සැපයීම පිළිබද මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම, අද රාත්‍රියේ සිට දිවයින පුරා ජංගම රථ සංචාර, පාමුර සංචාර, මෙන්ම යතුරුපැදි සංචාර ක්‍රියාත්මක වන බවත්, හෙට දිනයෙන් පසු ඇරඹෙන සංචරණ කාල සීමාව තුළ දී ඔසු සල් විවෘත ව තැබෙන අතර යම් කිසි පුද්ගලයෙකු හට ඔසු ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ළඟම තිබෙන ඔසුසලට යන ලෙසත්, ඒ හැරුණු කොට අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් කිසිඳු පුද්ගලයෙකු කිසිඳු හේතුවක් මත හෝ හැඳුනුම්පත් අංක ක්‍රමය හෝ වෙනත් ක්‍රමයකට හෝ නිවසින් පිටවීමට අවසර නොමැති බවත් අජිත් රෝහණ මහතා මෙහි දී අවධාරණය කළේය.

තවද, ගැබිණි මාතාවන්ට සහ නිදන්ගත රෝගී පුද්ගලයින්ට හා හදිසි හෘදයාබාධ වැළදෙන පුද්ගලයින්ට හෝ ළමුන්ට ඇතිවන හදිසි රෝග පවතී නම් ළඟම තිබෙන රෝහල වෙත යා හැකිවේ.

එමෙන්ම, සංචරණ සීමා පැනවෙන කාලය තුළ දී අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල ක්‍රියාත්මක ව පවතින අතර අදාළ රාජකාරි අයතනය විසින් නිකුත් කර ඇති ලිපිය හෝ තමන් සතු හැඳුනුම්පත බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිවෙන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකුලව ජංගම සේවා සහ බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක ජංගම සේවා සහ භාණ්ඩ ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ.

විශේෂයෙන් අතවශ්‍ය සේවා වල නියුතු රථ මාර්ගයේ ගමන් කිරීමේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ නොයෙදෙන ලෙසත් මෙහි දී අවධාරණය කළ ඒ මහතා හෙට සිට
අත්‍යවශ්‍ය රාජකාරි සිදු කරන සේවකයෙකු වුවත් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදෙන්නේ නම්ඊට එරෙහිව මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන බව ද මෙහි දී විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *