සෑම පොලීසියකම පොලිස් නිලධාරින් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදවා ඇති බවත් එම නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා නිරෝධායන ඇඳුම් කට්ටල, මුඛ ආවරණ ඇතුළු සියලු පහසුකම් ලබා දී ඇතැයි බවත් නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් -19 විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.