නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 221ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 221ක් අත්අඩංගුවට
අද (31) උදෑසන 6 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ එම කාල සීමාව තුළ රථවාහන 40 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම මුව ආවරණ පැළද නොසිටීම සම්බන්ධයෙන්ද පුද්ගලයින් 39 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *