නිරෝධායනයට යන කාන්තාවක් මරණයට පත්වූයේ හෘදයාබාධයක් නිසා

ඊයේ (07) දිනයේදී යක්කල සිට වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙනයමින් සිටි 68 හැවිරිදි කාන්තාව මරණයට පත්වූවා. එම කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඒ පිළිඹදව යුධ හමුදාපතිවරයා මෙසේ අදහස් පළ කර සිටී.

“මෙම කාන්තාව කොවිඩ් ආසාදනය වූ සේවකයකුගේ පවුලේ කෙනෙක්. ඔබ දන්නවා කොවිඩ් ආසාදනය වුණොත් අපි අනිවාර්යයෙන්ම පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට රැගෙන යනවා. එසේ රැගෙන යද්දි යම්කිසි රෝගී තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඉතිං වහාම යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරලා තිබෙනවා. නමුත් ඇය මියගියේ අන් කිසිවක් නිසා නොව හෘදයාබාධයකින් බවට තහවුරු වෙලා තිබෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *