Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිත කළ යුතුයි බව ජනපති පවසයි

නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිත කළ යුතුයි බව ජනපති පවසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසුවේ,කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් සිදුකළ යුතු බවයු.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සමාජිකයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේකෙදි විවිධ දේවල් කියනවා අස්වැන්න අඩුවෙයි. විශාල පාඩුවක් වෙයි, ගොවියගේ ආදායම අඩුවෙයි. හුඟක් ඇයගේ මතය එහෙම වෙන්නේ නෑ මේක අපිට කරන්න පුළුවන් කියලා. කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා පුරන් වෙලා. අපි පුළුවන් ඒ කුඹුරු වගා කරොත් ඔය කියන කාලය තුළ ඇති වෙන්න පුළුවන් අඩුව පිරිමහ ගන්න. ගිය කන්නයේ ඊට කලින් ගොවීන් ලබාගත්ත ආදායම අපි දන්නවා. යම් අයුරකින් ඒ අයගේ ආදායමෙන් වෙනසක් වුණොත් අපි ඒ අය නිෂ්පාදනය කරපු වී වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ගිය වර ආදායම ම ලැබෙන විදියට. අපි සහතික මිලක් දීලා තියෙනවා රු 50 කියලා. අපිට ඒක රු 60ට ගන්න පුළුවන්. ඒ රු 10 අපි දරාගන්නවා. ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒ ගැන. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන. කාබනික පොහොර නිෂ්පාදනය කරන. පුළුවන් නම් මේ පොහොර නිෂ්පාදනය වැඩි කරන්න අපි ආධාර දෙන්න පුළුවන්. දැනට රසායනික පොහොර ගෙන්වන සමාගම්වලට වුණත් පුළුවන් අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට කර්මාන්ත ආරම්භ කරන්න. ඉතාම වැදගත් අභියෝගාත්මක කාර්යයක්. නමුත් එය රට වෙනුවෙනුත් අනාගත පරපුර වෙනුවෙනුත්
කරන්න ඕනේ.“

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *