කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ කාර්යාලය, නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදී මුදල් ඉල්ලා සිටින බවටත්, වෙනත් වංචනික ක්‍රියා සිදුකරන බවටත් පැමිණිලි ලැබී ඇති බවයි.
එවැනි පුද්ගලයින් වෙත කිසිදු මුදලක්, පෞද්ගලික තොරතුරු හෝ ලේඛන ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ ලැබුණහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසද ජනතාවට උපදෙස් ලබාදී තිබේ.


