බන්ධනාගාරගතව සිටින රැඳවියන් අටදහසක් පමණ නිදහස් කිරීමට රජය විසින් ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනුණද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඊට අදාළව නිදහස හිමි නොවන බව රජය පවසයි.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඒවා ළග තබා ගත් අය පුනුරුත්ථාපන සදහා යොමු කළත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එය අදාළ නොවන බවයි.


