හෙටට (04) යෙදී තිබෙන නිදහස් සැමරුම් දිනයට සමගාමීව සිරකරුවන් 512 කට ජනාධිපති සමාව ලැබීමට නියමිත බවටත්,
ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවත් එම ලේඛණය මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය එම නාමලේඛණයට ලබාදුන් පසු හෙට දිනයේ මෙම සිරකරුවන් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
ජනපති සමාව යටතේ ස්තී‍්‍ර දූෂණ, ළමා අපචාර මෙන්ම ප‍්‍රබල ගණයේ අපරාධ සදහා සිරගත කළ කිසිදු පුද්ගලයෙකුට මෙමගින් නිදහස හිමි නොවන බවට වැඩිදුරටත් වාර්තා වේ.