නායකත්ව ගැටළුව අවසන් කිරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වෙනවා – අකිල

නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරු 3 ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

මෙහිදී වර්තමානයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටළුවට අවසන් විසඳුමක් ලබා ගැනිමට බලාපොරොත්තු වන බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පස්වරු 3 ට පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පවත්වා ඇති බවටත් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වේ. එහිදී ගන්නා ලද තීන්දු තීරණ අද දිනයේ රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබා ගනු ඇති බවටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.