නාමයෝජනා බාර ගැනීම ඇරඹෙයි

2019 ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම මීට සුළු වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්‍යාලයේදී ආරම්භ විය.
අද(7) පෙරවරු 11 දක්වා නාම යෝජනා බාර ගැනීම සිදුවන අතර මේ හේතුවෙන් මැතිවරණ මහලේකම් කාර්‍යාලය අසල විශේෂ රථවාහන සැලසුමක්ද ක්‍රියාත්මක කර ඇත.

මෙවර ජනාධිපතිවරණය පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත අතර මෙවර ඡන්ද විමසීමේදි ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි පනස් නම ලක්ෂ අනු දෙදහස් අනු හය දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *