නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

නව තානාපතිවරුන් සිව්දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුට අක්තපත්‍ර පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණා. කටාර්, තුර්කිය, ලක්සම්බර්ග් සහ ස්ලෝවේනියාව යන රටවල් සඳහා මෙම තානාපතිවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව කටාර් රාජ්‍යය සදහා – ජස්සිම් බින් ජබීර් මහතාත්, තුර්කි රාජ්‍ය සදහා – රකිබේ ඩිමෙට්‍ සෙක්‍රසියෝග්ලු මහතාත්, ලක්සම්බර්ග් රාජ්‍යය සදහා ජින් ක්ලෝඩ් කුග්නර් මහතාත්, ස්ලෝවේනියා රාජ්‍යය සදහා – ආචාර්ය මර්ජාන් සෙන්සෙන් මහතාත් තානාපතිවරුන් ලෙස පත් කරනු ලැබුවා. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාඩි ඛටාක් මහතා – පකිස්ථාන මහ කොමසාරිස් ලෙස පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින දිගු කාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීමට කැපවන බවට ඔවුන් මෙහිදී ප්‍රතිඥා ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *